ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.
1 රාජාවලිය 6:9 - Sinhala Revised Old Version මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලෑලිවලින්ද වැසුවේය. Sinhala New Revised Version මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය. Sinhala New Revised Version 2018 මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය. |
ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.
එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බූල් මාසයේදී ගෘහය එහි සියලු කොට්ඨාස ඇතුළුව එහි නියම මුළු විධියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.
මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහලෙන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය.
මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.
සාලමොන් තමා ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පූජාසනය පිට අවුරුද්දට තුන් වරක් දවන පූජාද ශාන්ති පූජාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම්ද ඔප්පුකළේය. මෙසේ ඔහු ගෘහය සාදා නිමකෙළේය.
ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.