Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:25 - Sinhala Revised Old Version

25 සාලමොන් තමා ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පූජාසනය පිට අවුරුද්දට තුන් වරක් දවන පූජාද ශාන්ති පූජාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම්ද ඔප්පුකළේය. මෙසේ ඔහු ගෘහය සාදා නිමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:25
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය.


අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,


ඔවුන් මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින් මාගේ උදහස මේ ඉඩම පිටට වගුරුවා තිබේ, ඒක නිවෙන්නෙත් නැත.


මාගේ පුත්‍රයෙනි, දැන් අලසව නොසිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්ටත් උන්වහන්සේට සේවයකරන්ටත් උන්වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පුකරන්ටත් උන්වහන්සේ නුඹලා තෝරාගත්සේකැයි කීවේය.


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.


එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බූල් මාසයේදී ගෘහය එහි සියලු කොට්ඨාස ඇතුළුව එහි නියම මුළු විධියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.


නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය.


ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.


ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්‍රායෙල් දූවරුන් අවුරුදු පතා යන සිරිතක් ඉශ්‍රායෙල්වරුන් අතරේ ඇතිවිය.


මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලෑලිවලින්ද වැසුවේය.


මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්