දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
1 රාජාවලිය 5:8 - Sinhala Revised Old Version හීරාම් සාලමොන් වෙත පණිවිඩයක් එවමින්: ඔබ මට කියා එවූ කාරණා ඇසීමි. කිහිරි ලී ගැනද දේවදාර ලී ගැනද ඔබගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමි. Sinhala New Revised Version තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි. Sinhala New Revised Version 2018 තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි. |
දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.
මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.
ඇතුළතින් ඔහු ගෘහයේ භිත්තිවල කිහිරි ලෑලි ඇල්ලුවේය; ගෘහයේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් ලීවලින් වැසුවේය. ගෘහයේ බිම දේවදාර ලෑලිවලින් වැසුවේය.
ඊට භිත්තියෙන් සතරෙන් කොටසක් ගියේය. එක දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද විය.
අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.
ඔහු ලොකු ගෘහයේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි හොඳ රත්රන් වසා, ඒ මතුපිට තල්ගස්ද දම්වැල්ද සාදා,