Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 6:15 - Sinhala Revised Old Version

15 ඇතුළතින් ඔහු ගෘහයේ භිත්තිවල කිහිරි ලෑලි ඇල්ලුවේය; ගෘහයේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් ලීවලින් වැසුවේය. ගෘහයේ බිම දේවදාර ලෑලිවලින් වැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔහු මාලිගාවේ බිත්තිවල ඇතුළතින් කිහිරි ලෑලි ඇල්ලුවේ ය. මාලිගාවේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් දේවදාර ලීවලින් වැසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔහු මාලිගාවේ බිත්තිවල ඇතුළතින් කිහිරි ලෑලි ඇල්ලුවේ ය. මාලිගාවේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් දේවදාර ලීවලින් වැසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:15
4 හුවමාරු යොමු  

ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.


දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.


ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව.


ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්