යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.
1 රාජාවලිය 3:26 - Sinhala Revised Old Version එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඈට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නුමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් නුඹටවත් නොවේවා, කපත්වයි කීවාය. Sinhala New Revised Version එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය. |
යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.
එවිට රජ කථාකොට–ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනික් තැනැත්තියටත් දෙවව්යයි කීවේය.
එවිට රජ උත්තරදෙමින්: ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා, අර තැනැත්තීට දෙන්න, ඈ ඔහුගේ මවුයයි කීවේය.
මාගේ සිත මා තුළ උණුවිය; මා මෙනෙහිකරද්දීම ගින්න ඇවුළුණේය. එවිට මාගේ දිවෙන් කථාකෙළෙමි.
ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.
එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක.
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,
නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?