ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:21 - Sinhala Revised Old Version

උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:21
5 හුවමාරු යොමු  

තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය.


ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය.


අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.


ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.