තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
1 රාජාවලිය 22:24 - Sinhala Revised Old Version එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය. Sinhala New Revised Version එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය. Sinhala New Revised Version 2018 එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය. |
තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.
එකල සමහරෙක් උන්වහන්සේට කෙළගසන්ටත් උන්වහන්සේගේ මුහුණ වසා උන්වහන්සේට ගුටි ඇන: දිවස් කියන්නැයි උන්වහන්සේට කියන්ටත් පටන්ගත්තෝය. සේවකයෝද අතුල්පහර දී උන්වහන්සේ භාරගත්තෝය.
දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.
එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.