1 රාජාවලිය 20:3 - Sinhala Revised Old Version නුඹේ රන් රිදී මාගේය; නුඹේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය. Sinhala New Revised Version “ඔබේ රන් රිදී සහ භාර්යාවන් ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අය ද මට පාවා දිය යුතු ය”යි ඔහුට දන්වා යැවී ය. Sinhala New Revised Version 2018 “ඔබේ රන් රිදී සහ භාර්යාවන් ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අය ද මට පාවා දිය යුතු ය”යි ඔහුට දන්වා යැවී ය. |
එසේ ඔව්හු තමුන්ගේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවූ බෙන්-හදද්–මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවියි කියන්නේයයි කීවෝය. ආහබ් කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායයි කීවේය.
ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.
සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.