ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 2:26 - Sinhala Revised Old Version

තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 2:26
16 හුවමාරු යොමු  

එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.


මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.


ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.


රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.


ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!


බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.


යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.


මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය.


නුඹලා එපමණ දේ නිෂ්ඵලලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද?


අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට යහපත කරන කාලය මුළුල්ලේ, මාගේ වාසස්ථානයෙහි විපත ඇති බව නුඹ දකිනවා ඇත. නුඹේ වංශයේ මහලු මිනිහෙක් කවදාවත් නොසිටින්නේය.


නුඹ කළ මේ දෙය හොඳ නැත. නුඹලා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන නුඹලාගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹලා මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.