තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
1 රාජාවලිය 18:19 - Sinhala Revised Old Version ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය. Sinhala New Revised Version ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල් කන්දට රැස් කරන්නැ”යි කී ය. |
තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය.
එවිට ආහබ් සියලු ඉශ්රායෙල් පුත්‍රයන් අතරට පණිවුඩ යවා ප්‍රොපේතවරුන් කර්මෙල් කන්දට රැස්කෙරෙවුවේය.
එවිට එලියා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක්ව ඉතුරුව ඉන්නේ මම පමණකි; නුමුත් බාල්ගේ ප්‍රොපේතවරු හාරසිය පනස්දෙනෙක් සිටිති.
එවිට ඉශ්රායෙල් රජ ප්‍රොපේතවරුන් වන හාරසියයක් පමණ මනුෂ්‍යයන් රැස්කොට: මම රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යම්ද නොයම්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: ගිය මැනවි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
එබැවින් බාල්ගේ සියලු ප්‍රොපේතවරුන්ද ඔහු අදහන සියල්ලන්ද සියලු පූජකයන්ද එක්කෙනෙක්වත් නෑර මා වෙතට අඬගහගන එන්න. මක්නිසාද මා විසින් බාල්ට මහත් පූජාවක් ඔප්පුකරන්ට තිබේ; නේන සියල්ලෝම මරණයට පත්වන්නෝයයි කීවේය. නුමුත් යේහු බාල් අදහන්නන් නැතිකරන පිණිස ප්‍රයෝගයෙන් ඒක කෙළේය.
එසේවීනුමුත් ඔව්හු ඉශ්රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ යෙරොබොවම්ගේ වංශයේ පාපවලින් අහක්නොවී ඒවායෙහි හැසුරුණෝය. අෂේරාකණුද ඒ වන තෙක් සමාරියේ තිබුණේය.)
එලිෂා ඉශ්රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
ඇරත් යුදෙව්වරුන් සහ මුලාදෑනීන් එකසිය පනස් දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසයේ හිඳගත්තෝය.
සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්රායෙල් මුළාකෙරෙවුවෝය.
කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.
ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.
අල්ලම්මෙලෙක්ද අමාද්ද මිෂාල්ද යන මේවාය; බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමුණුණේය;
නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.
එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.
නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.
සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.