දැනුදු: එලියා මෙහි ඉන්නේය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය.
1 රාජාවලිය 18:13 - Sinhala Revised Old Version යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්‍යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද? Sinhala New Revised Version ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද? Sinhala New Revised Version 2018 ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද? |
දැනුදු: එලියා මෙහි ඉන්නේය කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය.
මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)
එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.
මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;
මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය.
ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.