ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.
1 රාජාවලිය 15:2 - Sinhala Revised Old Version තුන් අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය. Sinhala New Revised Version තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි. Sinhala New Revised Version 2018 තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි. |
ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.
තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.
තුන් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මීකායාය, ඈ ගිබියාහි උරියෙල්ගේ දුවෙක්ය. අබියාද යෙරොබොවම්ද අතරේ යුද්ධ තිබුණේය.