Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:42 - Sinhala Revised Old Version

42 යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:42
8 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ පස්වෙනි අවුරුද්දේ යෙහෝෂාපාට් යූදාහි රජව සිටියදී යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම් රජ වුණේය.


මෙසේ එලියා කී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය.


ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම්කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.


තුන් අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඈ අබ්සලොම්ගේ දුවෙක්ය.


සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යූදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.


ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට් තෙමේ යූදා කෙරෙහි රජවුණේය.


ඔහු තමාගේ පියවූ ආසාගේ මුළු මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණ දේ කෙළේය. එසේ වුවත් උස් තැන් පහනොකරන ලද්දේය; එවකටත් සෙනඟ පූජාද සුවඳ දුම්ද උස් තැන්වල ඔප්පුකළෝය.


යෙහෝෂාපාට් යූදා කෙරෙහි රජකම්කෙළේය. ඔහු රජවෙනකල අවුරුදු තිස්පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මෑණියන්ගේ නම අසූබාය, ඈ ෂීල්හිගේ දුවය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්