ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 1:9 - Sinhala Revised Old Version

අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 1:9
9 හුවමාරු යොමු  

යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.


ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත.


මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.


දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.


නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළකර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරනලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නැයි කීවේය.


ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.


එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.