Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:10 - Sinhala Revised Old Version

10 නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද බෙනායාද බලවන්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එහෙත්, ඔහු දිවැසිවර නාතාන් ද බෙනායා ද ආරක්ෂක පිරිස ද ස්වකීය සහෝදර සලමොන් ද කැඳෙව්වේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙත්, ඔහු දිවැසිවර නාතාන් ද බෙනායා ද ආරක්ෂක පිරිස ද ස්වකීය සහෝදර සලමොන් ද කැඳෙව්වේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:10
8 හුවමාරු යොමු  

පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක;


ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


නුමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක්ද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳෙවුවේ නැත.


එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව නුඹට සැලනොවීද?


එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා සාලමොන්ගේ මෑණියන්වූ බැත්-ෂෙබා ළඟට ආයේය. නුඹ එන්නේ සමාදානයෙන්දැයි ඈ ඇසුවාය. සමාදානයෙන්යයි ඔහු කීය.


නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්