මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.
1 යොහන් 5:15 - Sinhala Revised Old Version අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව. Sinhala New Revised Version ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු. සිංහල කාලීන පරිවර්තනය අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු. Sinhala New Revised Version 2018 ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු. |
මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.
ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.