නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.
1 යොහන් 4:13 - Sinhala Revised Old Version අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය. Sinhala New Revised Version අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි. සිංහල කාලීන පරිවර්තනය අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි. Sinhala New Revised Version 2018 අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි. |
නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?
නුමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව.
උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතිනසේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.