ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
1 තිමෝති 6:19 - Sinhala Revised Old Version සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න. Sinhala New Revised Version මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය. සිංහල කාලීන පරිවර්තනය මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස්කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය. Sinhala New Revised Version 2018 මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය. |
ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.
නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.
නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය.
මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.
දෙවියන්වහන්සේට භය නැත්තාවූ, මනුෂ්‍යයන්ට ගරු නොකළාවූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය.
යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,
මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන්වන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,