ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 9:2 - Sinhala Revised Old Version

මම අන්‍යයන්ට ප්‍රේරිතයෙක් නොවෙතත් නුඹලාට නම් ප්‍රේරිතයෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකමේ මුද්‍රාව නම් නුඹලාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අන්‍යයන්ට මා ප්‍රේරිතවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම ප්‍රේරිතවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකම පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අන් අයට මා අපෝස්තුලුවරයකු නො වූව ද, ඔබට මා අපෝස්තුලුවරයෙකි; මන්ද ස්වාමින්වහන්සේ තුළ මගේ අපෝස්තුලුකම සහතික කරන මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අන්‍යයන්ට මා අපෝස්තුළුවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම අපෝස්තුළුවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ අපෝස්තුළු වරය පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 9:2
6 හුවමාරු යොමු  

උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ.


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.


ඒ මෙහෙයත් ප්‍රේරිතකමේ ස්ථානයත් ලැබීමට මොවුන් දෙන්නාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා,


මා විචාරන්නන්ට මාගේ උත්තරය නම් මේකය.


සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම ඇතුව නුඹලා අතරෙහි කරනලද්දේය.