Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:2 - සිංහල කාලීන පරිවර්තනය

2 අන් අයට මා අපෝස්තුලුවරයකු නො වූව ද, ඔබට මා අපෝස්තුලුවරයෙකි; මන්ද ස්වාමින්වහන්සේ තුළ මගේ අපෝස්තුලුකම සහතික කරන මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අන්‍යයන්ට මා ප්‍රේරිතවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම ප්‍රේරිතවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකම පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අන්‍යයන්ට මා අපෝස්තුළුවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම අපෝස්තුළුවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ අපෝස්තුළු වරය පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 මම අන්‍යයන්ට ප්‍රේරිතයෙක් නොවෙතත් නුඹලාට නම් ප්‍රේරිතයෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකමේ මුද්‍රාව නම් නුඹලාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:2
6 හුවමාරු යොමු  

අධිකතර ඉවසීමෙන් යුතුව, ලකුණු හා පුදුම ද ප්‍රබල ක්‍රියා ද යන අපෝස්තුලුවරයකුගේ ලකුණු, ඔබ මධ්‍යයේ මා ඉටුකර ඇත.


දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.


උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යයම බවට, තම මුද්‍රාව තබයි.


යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා,


මා විභාග කරන්නට කැමති අයට මගේ නිදහසට උත්තරය මෙයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්