ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 7:6 - Sinhala Revised Old Version

නුමුත් මෙය ආඥාවක් කොට නොව අවසරයක් කොට කියමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 7:6
6 හුවමාරු යොමු  

නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,


නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.


කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.


නුමුත් ඈ සිටින ලෙසම සිටින්නීනම්, මාගේ විනිශ්චයේ හැටියට ඈ වඩා වාසනාවන්තියක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මටත් ඇතිසේකැයි සිතමි.


පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි.


මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.