මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.
1 කොරින්ති 7:17 - Sinhala Revised Old Version නුමුත් ස්වාමීන්වහන්සේ එක් එක්කෙනාට බෙදාදුන් ප්‍රකාරයටද එක් එක්කෙනාව දෙවියන්වහන්සේ කැඳෙවු ප්‍රකාරයටද හැසිරේවා. සියලු සභාවලදී මෙසේ නියමකරමි. Sinhala New Revised Version එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය. සිංහල කාලීන පරිවර්තනය හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි. Sinhala New Revised Version 2018 එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය. |
මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.
මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,
එහෙත් යමෙක් (ඒ ගැන) වාදකරන්ට කැමැත්තේ නම් අපටවත් දෙවියන්වහන්සේගේ සභාවලටවත් එයාකාර සිරිතක් නැත.
යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් නුඹලා ළඟට එවීමි. මා සියලු තැන්වල සියලු සභාවලදී උගන්වන ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු නුඹලාට සිහිකරවනවා ඇත.
යමෙක් චර්මඡේදිතව කැඳවනලද්දේද? ඔහු අචර්මඡේදිත නොවේවා. යමෙක් අචර්මඡේද්‍යයේදී කැඳවනලද්දේද? ඔහු චර්මඡේදිත නොවේවා.
එහෙත් සියලු මනුෂ්‍යයෝ මා සිටින ලෙසම සිටිත් නම් කැමැත්තෙමි. එසේවී නුමුත් එක්කෙනෙකුට මේ ප්‍රකාරයටද වෙන කෙනෙකුට ඒ ප්‍රකාරයටද දෙවියන්වහන්සේගෙන් එකිනෙකාට නියමවූ දීමනාවක් ඇත්තේය.
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය.
එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව.