1 කොරින්ති 6:5 - Sinhala Revised Old Version මා මෙසේ කියන්නේ නුඹලාට ලජ්ජා උපදවන පිණිසය. මොකද? තමාගේ සහෝදරයන් අතරේ විනිශ්චයකරන්ට පුළුවන්වූ එක ඥානවන්තයෙක්වත් නුඹලා අතරෙහි නැද්ද? Sinhala New Revised Version මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද? සිංහල කාලීන පරිවර්තනය ලජ්ජා සහගතයි! සහෝදරයින් අතරේ ආරවුලක් විසඳීමට ප්‍රඥාවත් එක්කෙනෙක්වත් ඔබ අතරේ නො විය හැකි ද? Sinhala New Revised Version 2018 මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද? |
මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:
එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.
පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම නුඹලා ඉගෙනගන්නවා නොවේද?
ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.
කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මෝඩයෝය, නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවන්තයෝය; අපි දුර්වලය, නුමුත් නුඹලා ශක්තිමත්ය; නුඹලාට ගෞරවය ඇත්තේය, නුමුත් අපට ඇත්තේ අගෞරවයය.
මා විසින් මේ දේ ලියන්නේ නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස නොව, මාගේ ප්‍රිය දරුවන්ට මෙන් නුඹලාට අවවාදකරන පිණිසය.
නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?
ඉඳින් මේ ජීවිතයට අයිති දේ විනිශ්චයකරන්ට නුඹලාට තිබේ නම් එසේ විනිශ්චයකිරීමට සභාව විසින් සුළුකොට සිතන තැනැත්තන් පත්කරන්නහුද?
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.