ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 5:6 - Sinhala Revised Old Version

නුඹලාගේ පාරට්ටුකරගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 5:6
12 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය; ඔවුන් රොටි සාදන්නා විසින් රත්කළ උදුනක් මෙන්ය; ඔහු එය රත්කිරීමෙන් නවතින්නේ පිටිඇනීමේ පටන් ඒවා පිපෙන තුරු (පමණක්)ය.


උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.


ස්ත්‍රියෙකු විසින් පිටිනැළි තුනක් සහමුලින්ම පිපෙන තෙක් එහි දමා තිබූ මුහුන්වලට එය සමානයයි කීසේක.


නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?


නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.


එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල නුඹලාගේය;


මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහකරනු ලබන පිණිස ශෝකවෙනවා වෙනුවට, නුඹලා උඩඟුව සිටිවුය.


මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.


ඔවුන්ගේ වචනයද පිළිකාවක් මෙන් කාවදිනවා ඇත. හිමෙනියස්ද පිලේතස්ද එබඳු අයවල්ය; ඔව්හු මළවුන්ගෙන් නැගිටීම දැනටම සිද්ධවෙලායයි


නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.