1 කොරින්ති 3:20 - Sinhala Revised Old Version නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ. Sinhala New Revised Version තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත. සිංහල කාලීන පරිවර්තනය තවද, “ප්‍රඥාවතුන්ගේ සිතිවිලි නිස්සාර බව ස්වාමින්වහන්සේ දන්නා සේකැ” යි ද ලියා තිබේ. Sinhala New Revised Version 2018 තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත. |
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.
ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.