ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 2:11 - Sinhala Revised Old Version

මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මනුෂ්‍යාගේ සිතිවිලි ඔහු තුළ ඇති ඔහුගේම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙසම දෙවියන්වහන්සේගේ සිතිවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 2:11
8 හුවමාරු යොමු  

නුඹ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, නුඹ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?


සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.


මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්වහන්සේගේ පහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.


මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.


සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?


කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,


නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක.