Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 20:5 - Sinhala Revised Old Version

5 මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 20:5
5 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥාව නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය.


මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.


ඔව්හු අයුතුකම් සොයති; අපි තියුණු යෝජනාවක් කරගතිමුයයි කියති. හැමදෙනාගේම අභ්‍යන්තර කල්පනාවත් සිතත් ගැඹුරුය.


අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.


බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්