ස්තේපනස්ගේ ගෙයි වැසියන්ද බව්තීස්ම කෙළෙමි. ඒ ඇර මම වෙන කිසිවෙකු බව්තීස්මකෙළෙම්දැයි නොදනිමි.
1 කොරින්ති 16:17 - Sinhala Revised Old Version ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. නුඹලා නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය. Sinhala New Revised Version ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි. සිංහල කාලීන පරිවර්තනය ස්තේපනස්, පොර්තුනාතුස් හා අකයිකස් යන අයගේ පැමිණීම ගැන මම ප්‍රීති වෙමි. මන්ද ඔබට නො හැකි වූ දේ ඔවුන්ගෙන් ලැබිය හැකි වූ හෙයිනි. Sinhala New Revised Version 2018 ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි. |
ස්තේපනස්ගේ ගෙයි වැසියන්ද බව්තීස්ම කෙළෙමි. ඒ ඇර මම වෙන කිසිවෙකු බව්තීස්මකෙළෙම්දැයි නොදනිමි.
තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය. සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි.
මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.
ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.