Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 16:17 - සිංහල කාලීන පරිවර්තනය

17 ස්තේපනස්, පොර්තුනාතුස් හා අකයිකස් යන අයගේ පැමිණීම ගැන මම ප්‍රීති වෙමි. මන්ද ඔබට නො හැකි වූ දේ ඔවුන්ගෙන් ලැබිය හැකි වූ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. නුඹලා නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 16:17
5 හුවමාරු යොමු  

මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.


මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.


ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගතව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි.


ඔව්, මම ස්තේපනස්ගේ පවුලේ අය ද බව්තීස්ම කළෙමි. ඒ හැර අන් කිසිවකු මා විසින් බව්තීස්ම කළ වග මා දන්නේ නැත.


එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්