තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.
1 කොරින්ති 14:8 - Sinhala Revised Old Version එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? Sinhala New Revised Version යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? සිංහල කාලීන පරිවර්තනය එසේම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬවේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද? Sinhala New Revised Version 2018 යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? |
තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.
අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ;
යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?
නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය.
එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්–නළාව වුණත් වීණාව වුණත්–වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද?