මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
1 කොරින්ති 12:3 - Sinhala Revised Old Version එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි. Sinhala New Revised Version එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස “ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි. සිංහල කාලීන පරිවර්තනය එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් කතා කරන කිසිවකුට, “යේසුස්වහන්සේ ශාප ලත් කෙනෙකැ” යි කීමට කොහෙත්ම බැරි වගත්, ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් මිස, “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යැ” යි කීමට කිසිවකුට බැරි වගත් ඔබට දන්වන්නට කැමැත්තෙමි. Sinhala New Revised Version 2018 එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස “ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි. |
මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඔහුට තහනම් නොකරන්න. මක්නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කථාකරන්ට නොහැකිවේ.
ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.
මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.
යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.
අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.
මක්නිසාද එන්නාවූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනාකෙරේ නම්, නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන ශුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම්, ඔහු ගැන ඉවසීම හොඳය.
එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.