Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:39 - Sinhala Revised Old Version

39 නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඔහුට තහනම් නොකරන්න. මක්නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කථාකරන්ට නොහැකිවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එහෙත් ජේසුස් වහන්සේ “තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්‍ ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එහෙත් ජේසුස් වහන්සේ “තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන් ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:39
11 හුවමාරු යොමු  

එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.


ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි.


නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.


යොහන් උන්වහන්සේට කථාකොට: ආචාරිනි, ඔබගේ නාමයෙන් කෙනෙක් යක්ෂයන් දුරුකරනවා දුටිමුව. ඔහු අප අනුව නේන නිසා අපි ඔහුට තහනම් කෙළෙමුයයි කීවේය.


අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.


මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්