බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
1 කොරින්ති 12:27 - Sinhala Revised Old Version ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති. Sinhala New Revised Version එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක්ම එහි අවයවය ය. Sinhala New Revised Version 2018 එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය. |
බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්:
කුමක්හෙයින්ද බොහෝ දෙනෙක් වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරයෝව සිටිමුව.
මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.
නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.
ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.
එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.
උන්වහන්සේ සභාව නමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය.
දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි.
මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.