ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හොෂෙයා 4:9 - Sinhala New Revised Version

එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න



හොෂෙයා 4:9
23 හුවමාරු යොමු  

බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි; ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?


එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.


දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.


සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය.


ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය; ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.


ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවය කොට ඉශ්රායෙල් වංශය පැකිළවන පාපයට පෙළඹෙවූ බැවින් මාගේ අත මොවුන්ට විරුද්ධ ව එසෙවූවෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔවුන් තමන්ගේ පාපයේ විපාකය දරනු ඇත.


සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.


මේ පාපිෂ්ට සෙනඟට දඬුවම් දෙන පිණිස මම පහර දෙමි. ජාතීන් ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් දෙවැදෑරුම් පාප නිසා ඔවුන්ට දඬුවම් කරනු ඇත.”


ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.


මවු කුසයේ සිටිය දී ම ජාකොබ් සිය සහෝදරයා රැවටුවේ ය. ඔහු වැඩිහිටියෙකු වූ විට දෙවියන් වහන්සේට විරුද්ධ ව පොරබැදුවේ ය.


ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන්‍ සැඟවෙන්න බැරි ය.”


මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.


“ඔවුන්ගේ සියලු දුෂ්ට ක්‍රියා පටන් ගත්තේ ගිල්ගාල්හි දී ය. ඔවුන්ට ද්වේෂ කරන්නට මා පටන්ගත්තේ එහි දී ය. ඔවුන් කර ඇති නපුරු ක්‍රියා නිසා මාගේ දේශයෙන් මම ඔවුන් පලවා හරිමි. මම ඔවුන්ට තවත් ප්‍රේම නොකරමි. ඔවුන්ගේ සියලු අධිපතීහු මට විරුද්ධ ව කැරලිගැසූ හ.


ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”


ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.


පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.