මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි.
හොෂෙයා 2:10 - Sinhala New Revised Version දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි. එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ. Sinhala New Revised Version 2018 දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි. එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ. Sinhala Revised Old Version දැන් ඇගේ ප්‍රේමවන්තයන්ගේ ඇස්වලට ඇගේ සල්ලාලකම පෙන්වන්නෙමි, කිසිවෙක් මාගේ අතින් ඈ නොගළවන්නේය. |
මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි.
මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.
නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත.
මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.
ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.
ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ.
එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.
පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය.
ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.