ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
හොෂෙයා 11:11 - Sinhala New Revised Version ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන් ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.” Sinhala New Revised Version 2018 ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන් ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.” Sinhala Revised Old Version ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. |
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?
ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.
කෙතේ ගස්වල පල හටගන්නේ ය. දේශයෙන් අස්වැන්න උපදින්නේ ය. සියලු දෙන සිය දේශයෙහි නිරුපද්‍ර ව වසන්නෝ ය. මා ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් මුදාගත් විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
විජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝ ය. මේ රටේ වන මෘගයන් උන් කන්නේ නැත; කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත; ඔවුන් සුව සේ වාසය කරනු ඇත.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.
මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය.
ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.
“කෙසේ වෙතත්, සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. එය ශුද්ධස්ථානයක් වන්නේ ය. ජාකොබ්ගේ වංශය තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේ ය.
මම ඔවුන් මිසරයෙන් නැවත ගෙනෙන්නෙමි; අසිරියාවෙන් ඔවුන් රැස් කර ගිලියද් දේශයටත්, ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; මුළු දේශය සෙනඟගෙන් පිරී ඉතිරී යන්නේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.