Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 11:12 - Sinhala New Revised Version

12 “එප්‍රායිම් බොරුවෙන්‍ ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන්‍ ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “එප්‍රායිම් බොරුවෙන් ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන් ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එප්‍රායිම් බොරුවද ඉශ්‍රායෙල් වංශය වංචාවද ඇතුව මා වටකරගන සිටිති; එහෙත් යූදා දෙවියන්වහන්සේ එනම් විශ්වාසවූ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි තවම අස්ථිරව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 11:12
20 හුවමාරු යොමු  

මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.


ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.


ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.


අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”


තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.


කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද?


ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.


එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”


ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන්‍ විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”


“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.


බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.


පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත.


“සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති.


එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්