ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 3:4 - Sinhala New Revised Version

මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද හැම ගෘහයක්ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක්ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 3:4
5 හුවමාරු යොමු  

එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය.


රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය.


එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.


ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම් සේ ද, එසේ ම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසු යයි ඒත්තුගන්නා ලදී.


සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය.