හිතෝපදේශ 9:3 - Sinhala New Revised Version තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: Sinhala New Revised Version 2018 තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: Sinhala Revised Old Version ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි |
එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස: ‘දිවැසිවරයන් ද ප්‍රේරිතයන් ද ඔවුන් වෙත යවන්නෙමි; මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙකුට තළා පෙළා ඇතැමෙකු මරාදමති.’
භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය.
ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.
මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!
යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.