ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.
හිතෝපදේශ 4:5 - Sinhala New Revised Version ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න. Sinhala New Revised Version 2018 ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න. Sinhala Revised Old Version ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබාගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න. |
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.
මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.
ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි.
සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.
ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.