මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය.
හිතෝපදේශ 27:22 - Sinhala New Revised Version මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද? Sinhala New Revised Version 2018 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද? Sinhala Revised Old Version නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය. |
මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය.
පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.
සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, “ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ.
සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත: “ ‘ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුණේ නැත. ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත. කොයි වේලේ මා අවදි වේ ද? එවිට මම තව උගුරක් බොමි.’ “
ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
එතියෝපිය මිනිසෙකුට සිය හමේ පාට වත්, කොටියෙකුට උගේ ඇඟේ ලප වත් කොයි ලෙසින් වත් වෙනස් කළ හැකි ද? එසේ කළ හැකි නම්, නපුර කරන්න හුරුපුරුදු ඔබ හැමටත් යහපත කරන්න හැකි වෙයි.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.