Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 27:22 - Sinhala Revised Old Version

22 නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 27:22
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.


නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.


ඵාරාවෝද ඔහුගේ සියලු මෙහෙකරුවෝද සියලු මිසරවරුද රාත්‍රියේ නැගුටුණෝය; මිසරයෙහි මහත් වැලපීමක් විය; මක්නිසාද මළ කෙනෙක් නැති ගෙයක් නොවීය.


සෙනඟ පලාගිය බව මිසරයේ රජුට දන්වනලද්දේය. එවිට ඵාරාවෝ සහ ඔහුගේ මෙහෙකරුවන්ගේ සිත් සෙනඟට විරුද්ධව වෙනස්වී ඉශ්‍රායෙලිතයන් අපට මෙහෙකිරීමෙන් යන්ට හැර අප විසින් කළේ මොන ක්‍රියාවක්දැයි ඔව්හු කීවෝය.


සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.


බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.


කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.


ඒ බව සාවුල්ට දැන්වූ කල ඔහු වෙන පණිවිඩකාරයන් යැවීය. ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය. සාවුල් නැවතත් තුන්වෙනි වර පණිවිඩකාරයන් යැවීය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.


මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.


ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්