හිතෝපදේශ 27:17 - Sinhala New Revised Version යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි. Sinhala New Revised Version 2018 යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි. Sinhala Revised Old Version යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි. |
මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.
ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.
එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.