ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 24:31 - Sinhala New Revised Version

එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 24:31
16 හුවමාරු යොමු  

කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.


මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි.


අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.


සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය; ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි.


නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට කපන කාලයේ දී අස්වැන්නක් නැත.


“පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.


මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.


මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි:


කම්මැලිකම නිසා මිනිසෙකුගේ වහල දිරා වැටෙන්නේ ය; ඔහුගේ අලසකම නිසා ගෙය බිඳ වැටෙන්නේ ය.


මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: “කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න.


පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.


අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.


එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.