අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි.
සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?
සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.
එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති.
කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.