තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බෙසමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය.
හිතෝපදේශ 17:21 - Sinhala New Revised Version අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත. Sinhala New Revised Version 2018 අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත. Sinhala Revised Old Version අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත. |
තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බෙසමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය.
එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, “අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.
සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.
මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.
එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.