හිතෝපදේශ 16:11 - Sinhala New Revised Version තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය. Sinhala New Revised Version 2018 තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය. Sinhala Revised Old Version යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය. |
ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.
ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;