Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 6:11 - Sinhala New Revised Version

11 හොර තරාදි හා බොරු පඩි පාවිච්චි කරන අයට සමාව දිය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 හොර තරාදි හා බොරු පඩි පාවිච්චි කරන අයට සමාව දිය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 6:11
9 හුවමාරු යොමු  

ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.


නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.


“බර එකක් සහ සැහැල්ලු එකක් වශයෙන් විවිධ හොර කිරුම් පඩි ඔබේ මල්ලේ තබා නොගත යුතු ය.


හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.


“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.


ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;


“මේ ස්ත්‍රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්‍රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය.


දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්