රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නොගියොත්, ඔබ සමඟ කිසිවෙකු නොසිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය.
ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය.
ඉශ්රායෙල් ජනයා ද රැස් කරනු ලැබ, සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධ ව ගියහ. ඉශ්රායෙල් ජනයා කුඩා එළු පට්ටි දෙකකට සමාන ව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. එහෙත්, සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි.
සිරියාවේ රජු ජෙහෝවාහාස්ගේ සේනාවෙන් ඔහුට ඉතිරි කෙළේ, අසරුවන් පණසක් ද රථ දසයක් ද පාබල සෙනඟ දසදහසක් ද පමණකි. මන්ද, ඔහු ඔවුන් විනාශ කොට, ඔවුන් පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.
එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී,
එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.
දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න; උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න. ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?