Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 1:22 - Sinhala New Revised Version

22 එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 1:22
11 හුවමාරු යොමු  

ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය.


ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක.


“නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය.


කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?


අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය.


මෝසෙස් උපන් කල ඔහුගේ දෙමවුපියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක, රාජාඥාවට බිය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මසක් සඟවාගත්තෝ ය.


ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, “මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්